in Kasun Kalhara, Uncategorized

ඇරඹුමම කඳුලක් වෙලා | Arambumama Kandulak Wela by Kasun Kalhara

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා

අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා…

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා

අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා…

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා.
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා.

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply