in Dope Skain, Uncategorized

දැහැමෙන් සෙමෙන් | Dahamen Semen by Dope Skain [2019]

දැගලුව කාලයක් දාගෙන විස ජීවිතෙ හිමීට වින්දෙ සැප
දැහැමින් බැස්සෙ පිටියට නඩු කද්දි කවුද දෙන්නෙ ඇප
දාගෙන කැප කලු සුදු ආරෙට හිටියට දැනෙනව දුක
ගලක් ගහන්න කලින් බලපන් මොකක්ද ඵල ඇති රුක

තනියෙන් නෙවෙයි ඉන්නව පවුලක් දුප්පත් සල්ලි ගෙනියන්නෙ නම
හඳේ හාව දැකල ඉන්නෙ රෑට ගිලගනින් මගෙ ඇම
ණයට කහින්නැ වඳින්නෑ කාටත් අපිට විස උනෙ ඇද්ද දුම
හිතන්න එපා බන් ආයෙ සීලෙ කඩන් යකා පෙන්නන්නෙ තොයිලෙ රෑම

පාලු පාරෙ කපන්නෙ මන් වලක් උබට ලොකු උනෙ හිතෙ තණ්හාව
දැහැමින් සෙමින් එන්නෙ බන් ආයෙ hip hop තමයි එදා ඉදන් ආශාව
උබලයි රස්සාව වගෙද බලපන් ලගදි හොල්ලනව ඩෝ මන් ලන්කාව
කියන්නෑ කාට කාටත් තේරෙයි අඩෝ උබෙ ගෑනි ඉන්නෙ මන් ගාව

යන්නෙ මන් පාඩුවෙ ගමන අඩෝ මන් ගරහන්නෙ නෑ කාටත්
Yeah ඉන්නෙ මන් සාමෙන් ඩෝ ඒකයි කතන්දරේ එපා කැපිලි දාන කාවත්
වදින්නෙ සැරට පොඩි වෙන්න මොල බයයි අඩෝ හදේ හාවත්
සෙල්ලමේ ඉන්නව තාමත් මුලින්ම ඒකයි උනේ නැත්තෙ මම හාමත්

යන්තර කඩන් මන්තර පිටින් කියන් එන වෙලාව පැත්තට පැනපන් පාරට වැඩි බන් උබෙ මුලාව නින්දක් නෑ හීනෙන් මන් එවන්නෙ යකාව ගෙනෙන් බන් කරත්තෙ බන්දන්න ගොනාව

යන්තර කඩන් මන්තර පිටින් කියන් එන වෙලාව පැත්තට පැනපන් පාරට වැඩි බන් උබෙ මුලාව නින්දක් නෑ හීනෙන් මන් එවන්නෙ යකාව ගෙනෙන් බන් කරත්තෙ බන්දන්න ගොනාව

කිවුවට ආවද ඩෝ මන් පත්තර පිටු පෙරලන්
මේ විස්තරේ කතාවක් නෙමෙයි දෙතුන් පාරක් හිතපන්
බලාගෙන ඉදපන් වක්කර ගන්නෙපා ඩෝ මේ සුන්දර ජීවිතෙ විදපන්
සක්කර නෙවෙයි උබ මිනිහෙක් හිමීට අම්මගෙ පැත්තෙන් හිතපන්

මේ කාලෙ විනාසයි සමාජෙ වැඩිපුර තියෙන්නෙ රස්නේ
පෝයට සිල් අරන් බැදගෙන වෙස් උබ තුන් වේලම කන්නේ මස්නේ
අම්මට නෑ උබෙ සැලකිලි යාලුවො වටකර සැප දෙන උබෙ මොල හිස් නේ
තිබ්බත් අහසට පායන හද වැඩිපුර පෝයට දෙන්නේ දිස්නේ

පාවඩ මල්මාල ලාවට හිතෙ තිබ්බෙබර හීන
ආතල් විතරයි හොයන්නෙ මට ඕනෙ සැනසීම
බෝඩරෙ නෑ ලාමක චරිත ඩෝ බලාගෙන ඉන්නෙ මාන
ඉන්නෙ පය ගහලා පොලොවෙ උස්සන්නෑ බන් මගෙ ගාන

නැති උනත් සැප බලාගනින් වැඩ කියන්නෑ කාට කාටත්
හෙමින් බන් ආවෙ මන් දැහැමින් ගැන්න මුලින් මන් දාහටත්
දගලනවා මන් සෙල්ලමෙ අඩෝ වැඩී මගෙ ඇගේ නහරක්
සින්හල අම්මා නම් රැප් කියන්නෙ ඩෝ මට බස් වහරක්

යන්තර කඩන් මන්තර පිටින් කියන් එන වෙලාව පැත්තට පැනපන් පාරට වැඩි බන් උබෙ මුලාව නින්දක් නෑ හීනෙන් මන් හොයන්නෙ යකාව ගෙනෙන් බන් කරත්තෙ බන්දන්න ගොනාව

යන්තර කඩන් මන්තර පිටින් කියන් එන වෙලාව පැත්තට පැනපන් පාරට වැඩි බන් උබෙ මුලාව නින්දක් නෑ හීනෙන් මන් එවන්නෙ යකාව ගෙනෙන් බන් කරත්තෙ බන්දන්න ගොනාව

වෙනස් වෙන්නෙ උබ කාලෙට මූනට එන්න බයයි ඩෝ ගේමට
කෑවට ඉන්නෙ බෙදන් මන් මීටරෙන්,එලපන් ගේමට එන මට පාවඩ
තාලෙට ගැහුවට පැලෙන්නෙ නෑ බෙර පදන් වෙන්නෙ බොල ලාවට
පවුලෙම එලකිරි චරිත තමයි ඩෝ රගන්නෙ උබලනෙ තනිකර ලාමක

හාරපන් ඉල්ලම උඩට ඇදපන්
දන්නවා සමාජෙ මීටරෙන් ඉදපන්
නැති උනත් සැප යැද්දෙ නෑ හිගමන්
කිවුව කාටත් dope skain niggah මන්.

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply