in Sangeeth Wijesuriya, Uncategorized

පිංවන්තියෙ මාගේ | Pinwanthiye Mage by Sangeeth Wijesuriya

පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝළ කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්…
දෑත පාමි ආදරේ නමින්…

සඳ හා නැගී
තරුවක්ව ලඟ ඉන්න
හිරු හා දිලී
කුසුමක්ව පිබිදෙන්න
සිත හා බැඳී
මගේ ලෝකෙ මට ළංව
හැමදාම සනසන් ලඳේ
පින්බර සුදු ළඳුනේ
නැ මා හඬවන්නේ
ළංවූ බැඳී ආදරෙන්…

පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝළ කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා

නොඉඳුල් මලේ
සුවඳක්ව රෑ එන්න
කිඳුරංගනා
අඟනක්ය ලොව ඉන්න
මනරංජනා
මනමාල හිත ළංව
ඔබ හාම පැතුමන් පිරේ
සුන්දර වත ළංවී
ඒ හා නැළවෙන්නේ
කවදා සඳේ හැංගිලා…

පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝළ කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්…
දෑත පාමි ආදරේ නමින්…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

banner

Leave a Reply