in Chamara Ranawaka, Uncategorized

මිරිවැඩි නැතුවට | Miriwadi Nathuwata by Chamara Ranawaka

මිරිවැඩි නැතුවට
මඩ ගෑවුනු පය
මට හැඩ හින්දයි
මං පැතුවේ
ඩෙස් බැංකුවේ නම් එකට කොටා අපි
එක පංතියේ හිදිමින් හැඩුවේ

මිරිගුව දැක්කද හිතන්න බෑ මට
සතුටින් අද නුඹ සරසවියේ
එදා වගේ මං ඉනි වැට අද්දර
තාම බලනවා නෑ දුටුවේ

අපිට හොරා ඇස් එකට බලා
සතුටින් හිටියත් ඒ කාලේ
කමත ගොඩේ නිල් මානෙල් වල වැඩ
බලන් හිටියා අපි හැම වාරේ

තිත්ත පැටව් දං කහට කොටන්නට
රෑනේ එන හැටි තරු වාගේ
අද මම තනියම දොල ඉවුරේ
හැඩ දැන් නැ මුළු ගම්මානේ

මිරිවැඩි නැතුවට
මඩ ගෑවුනු පය
මට හැඩ හින්දයි
මං පැතුවේ
ඩෙස් බැංකුවේ නම් එකට කොටා අපි
එක පංතියේ හිදිමින් හැඩුවේ

සිදාදියට නිබියව පියමැන්නේ
දකින්න නුඹේ රුව මුවාවෙලා
වත්තේ කෝවිලට රතු පටි මදි මට
බාර බැදල නුඹ දෙන්න සොයා

නිල්මල් ඉහිරුනු අරන් දුන්න මං
කුඩේ දැක්ක විට ඈත තියා
ලස්සන කුමරෙකු අතිනත අල්ලන්
මම යන්නම් නුඹෙ සතුර නිසා

මිරිවැඩි නැතුවට
මඩ ගෑවුනු පය
මට හැඩ හින්දයි
මං පැතුවේ
ඩෙස් බැංකුවේ නම් එකට කොටා අපි
එක පංතියේ හිදිමින් හැඩුවේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply