in Charitha Attalage, Gayan Perera, GAYYA, Milin Rupasinghe

රහස් | Rahas by Gayya ft. Charitha Attalage [2023]

මා කිවූ රහස්
පොළවට හෙලන්නෙපා
මා එනතුරා ඔබ
නිදිමරන්නෙපා
මා හා ගැලුමෙන්
ඔබ දුර යන්නෙපා
මා ඉන්නවැයි
අමතක කරන්න එපා

මා ගැන මුසා ඔබ
අවුලන්නේපා
අපගේ පැටව් ඔබ
විසි කරන්නේපා
මා ගැන තැබූ
විශ්වාසය බිදින්නෙපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා

ඔබට නොකිවූ
ඔබගෙන් සැගවූ
රහසක් නෑ ජීවිතේ
ලොවෙන් නොලැබූ
ඔබගෙන් නොඅඩුව මට ලැබුන තරම්
ආදරේ

මා ජීවත් වන්නේ
මා එකම අරමුණද වන්නේ
ඔබ ආරක්ෂා කර මා
දෑත් ඔබ රකීවී
මා මියැදුනත් නෑ
දෑස් මා පිය වෙන්නේ

මා කිවූ රහස්
පොළවට හෙලන්නෙපා
මා එනතුරා ඔබ
නිදිමරන්නෙපා
මා හා ගැලුමෙන්
ඔබ දුර යන්නෙපා
මා ඉන්නවැයි
අමතක කරන්න එපා

මා ගැන මුසා ඔබ
අවුලන්නේපා
අපගේ පැටව් ඔබ
විසි කරන්නේපා
මා ගැන තැබූ
විශ්වාසය බිදින්නෙපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා

written by Gayya

banner

Leave a Reply