සඳ සේ බැස නොයා | Sanda Se Basa Noya (Pabalu Theme Song) by Dammika Edirisinghe

සඳ සේ බැස නොයා
මගෙ ලොවේ රැඳේ නම්
කඳුලේ දුක දරා

ඔබෙ නමින් හිඳින්නම්
ඔබෙ දෑසේ…
රැඳෙන්නම්, මියෙන්නම්

පැතුමන් බිඳ දමා
ඔබ නොයා හිඳීනම්
සිත පුරා මා වෙලෙන්නම්
දෑස සේ රකින්නම්
මගෙ සුහදේ…
සනසන්නම්, සැනසෙන්නම්

පබළු මල් මාවතේ
ඔබෙ දෑතේ වෙලී
ඇවිදන් යන්න ඇත්නම් පෙර වගේ
සොන්දුරුයි ආදරේ
හිමිවුනා සේ දැනේ
ඔබ සදා…

සඳ සේ බැස නොයා
මගෙ ලොවේ රැඳේ නම්
කඳුලේ දුක දරා
ඔබෙ නමින් හිඳින්නම්
ඔබෙ දෑසේ…
රැඳෙන්නම්, මියෙන්නම්

පැතුමන් බිඳ දමා
ඔබ නොයා හිඳීනම්
සිත පුරා මා වෙලෙන්නම්
දෑස සේ රකින්නම්
මගෙ සුහදේ…
සනසන්නම්, සැනසෙන්නම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *