in Chamara Ranawaka, Uncategorized

සිදාදියේ නුඹ දුටුවට | Sidadiye Nuba Dutuwata by Chamara Ranawaka

සිදාදියේ නුඹ දුටුවට
මං ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නෙ
සිරියාවටයි කම්මුල්පෙති ඒකයි බැලුවේ
දුප්පත් මට සමච්චලේටද හිනා උනේ

සිදාදියේ නුඹ දුටුවට
මං ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නෙ
සිරියාවටයි කම්මුල්පෙති ඒකයි බැලුවේ
දුප්පත් මට සමච්චලේටද හිනා උනේ

කලිසමට ඉරුනට
හරියට ඒක පෙන්නෑ
අම්ම හොදට මහලා දුන්නා ඒකට බය නෑ
උඩ බොත්තමේ ගහලා තියෙන කටුව පේන්නෑ
සෙරප්පු දෙක හොදට ගෙවිලා
දැක්කොත් හරි නෑ

සිදාදියේ නුඹ දුටුවට
මං ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නෙ
සිරියාවටයි කම්මුල්පෙති ඒකයි බැලුවේ
දුප්පත් මට සමච්චලේටද හිනා උනේ

ගෙදර ආව තමයි ආවේ කොහොමද දන්නෑ
බකිනි මලක් වගේ මූන අමතක වෙන්නෑ
ආයෙ නුවර කවදා යයිද කියල දන්නේ නෑ
අඩන් නැතුව කදුළු ආවේ කොහොමද දන්නෑ

සිදාදියේ නුඹ දුටුවට
මං ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නෙ
සිරියාවටයි කම්මුල්පෙති ඒකයි බැලුවේ
දුප්පත් මට සමච්චලේටද හිනා උනේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply