in Sunil Edirisinghe

සීතල දිය පිරි | Seethala Diya Piri by Sunil Edirisinghe

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .

අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .

දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .

ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply