in Flashback

අන්තිම සටනේ | Anthima Satane by Flashback

අන්තිම සටනේ හුස්මට සම වී
විශ්මිත වූ ගමනේ
දස්කම් පානා සිංහ පුතුන්නේ
වන්නියෙ මහ කැලයේ
බලාපොරොත්තුව රටට ගෙනල්ලා
අතදිග සීමාවේ
උදා ඉරක් පායයි අභිමානේ
ඔබයි දැයක ජීවේ

ගිනියම් වැල්ලේ ලෙයින් ලියාවි
උස් අරමුණක හැටි
දුක්විඳ සිත් සේ නෑ පසු බැස්සේ
මරගුල් වලද ගැටී
යුතුකම පපුවේ සුරකින සොයුරේ
දෙපයම ගියත් සිඳී
එකෙක් වැටෙද්දී දහස් පුතුන්ගේ
සේනා පෙරට ඇදේ

ගොඩ දිය ගුවනේ රට වට පවුරේ
මුළු විසිහතර පැයේ
නොනිදන දෙනෙතේ එළියයි සුවසේ
යුගයක් එළිය කළේ
පළඳින දවසේ ලක් මවගේ හිසේ
කිරුළක් අතින් ඔබේ
කරනා සටනේ දහඩිය රතු ලේ
සුවඳයි හෙටක් රටේ

අන්තිම සටනේ හුස්මට සම වී
විශ්මිත වූ ගමනේ
දස්කම් පානා සිංහ පුතුන්නේ
වන්නියෙ මහ කැලයේ
බලාපොරොත්තුව රටට ගෙනල්ලා
අතදිග සීමාවේ
උදා ඉරක් පායයි අභිමානේ
ඔබයි දැයක ජීවේ

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

banner

Leave a Reply