in Shehan Kaushalya, Uncategorized

අවුරුදු මතක (Mashup) | Awurudu Mathaka (Mashup) by Shehan Kaushalya [2020]

ලන්දේ උකුල උඩ
නිද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා

ලන්දේ උකුල උඩ
නිද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා

ලන්දේ උකුල උඩ
නිද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
එළි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතය් ගෙවෙද්දී
නෑ ගම් එනවද පෙත්තප්පූ

ගම් මැද්දේ සරු අවුරුදු දා
පච්ච වඩම් පළදා
මී අඹ අත්තේ
කොහෝ කොහෝ

දොලොස්මහේ
මගුල් දොහේ
මී අඹ අත්තේ
කොහෝ කොහෝ
දොලොස්මහේ
මගුල් දොහේ

රබාන රත්වෙන
නැකැත් වෙලාවට
නළාව පිඹහං
කොහෝ කොහෝ

වන්නම් සව්දම් ගයනා
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගයනා
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

ඉහල ගමෙන්
වරෙල්ලා
වරෙල්ලා යාළු පනේ
පේරැස් මුදුවේ බලල්ලා
බලල්ලා දිස්නේ නගෝ

වන්නම් සව්දම් ගයනා
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගයනා
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

නාඩන් පුංචි හිරමනේ
ඇවිදින් ඔන්න වසන්තේ
නාඩන් පුංචි හිරමනේ
ඇවිදින් ඔන්න වසන්තේ

මේ රුහුණුකරේ
පොල්වතු බෝමා
මට පාඩගම්
පබළු අරගෙන
පොල්මල් පිපිලා
දොරකඩ අර බලපල්ලා
පොල්මල් පිපිලා
දොරකඩ අර බලපල්ලා

දොන්ත දොන් රබන් පදයට
පංචි කිරි කවඩි හිනැහෙන
දවස ඇවිල්ලා

කහට පොතු කකා හමයන
කටින් වාරමක් කියන්න
දත මැදපල්ලා
දත මැදපල්ලා

රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
රා රා රා බොම්බියේ
මුවා වෙයන් මල්ලියේ

ජපං මැන්ඩලින් නද කර
ජපං මැන්ඩලින් නද කර
අවුරුදු එයි හංදියේ

රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
රා රා රා බොම්බියේ
මුවා වෙයන් මල්ලියේ

හා හා
රට පුරාම අවුරුදු සිරි
මේන් බලන් එරබදු මල්
බක්මාසේ මංගල්ලේ
ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හිමිහිට
මේශ රාශියට පැමිනෙන
හිරු දෙවිදුගේ මංගල්ලේ
මේන් බලල්ලා

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply