in Yomal Samarakoon

අහසක තනිවෙලා | Ahasaka Thaniwela by Yomal Samarakoon [2020]

සද ඇති රැයකදී මා
අහසක තනිවෙලා
තරු වල හැපි හැපි මා
සදටම පියැඹුවා

උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා
උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා

තරු මන්දාකිණිය පුරා
අවකාශයේ සැරි සරනා
හුරු පුරුදු තරුත් තිබුණා
පෙර භවයක සිට දන්නා

උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා
උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා

අතරමං වුන තරුවකි මා
මංදාකිණියක ඇදෙනා
ජීවයකට සිරවීලා
කාලයෙ යදමින් බැදිලා

සද ඇති රැයකදී මා
අහසක තනිවෙලා
තරු වල හැපි හැපි මා
සදටම පියැඹුවා

උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply