in Ravi Jay, Roshan Fernando

ආඩම්බරකාරී | Adambarakari by Roshan Fernando ft. Ravi Jay [2020]

එන්න මා හා විදින්න
ජීවිතේ රස වෙන්න
ඈත ලොවකට නෙතු පියාන සැනසෙන්න
මිහිමත දිව යන්න
තනිවෙන්න එහෙනම් ඔන්න
රොෂාන්

සුරගනක් වගේ ඈ සිරියාවී
නෑ සිනා පොදක් ආඩම්බරකාරී
සුරගනක් වගේ ඈ සිරියාවී
නෑ සිනා පොදක් ආඩම්බරකාරී

හිත මගේ හොරකම් කල දගකාරී
හිතවත් කමකට නෑ පැන යාවී
ඔය අහංකාර බැල්මට අසරණ වේවී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

නෙතු කැලුම් වැදී මේ
හිත වැලපේවී
මුදු වදන් වලින් මා සනසනු කුමරී
හැගුමන් වශී කරන සද සාවී
ලැබුනොත් ජීවිතේම සරු වේවී
හිතවත්කමකට හිත දෙනවද හැඩකාරී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

තිබුනට නෙක තරු මා වට
ඇයි ද පුර සදෙන් මට ඔය ලස්සන
අල්ලනු බැරි ඈත නුබ දෙස බලා මම
විදිම පෙම් වඩ දිය උතුරා යන
දනිමි මට නොලැබෙන බව කිසි දින
මේ බවයේ නමුදු මම කරමි මගේ තනි ආලේ
නැත යන්න දෙන්නෙ වෙන හිතකට ආලේ
නොලැබුනත් ඔය
නුඹේ අහංකාරේට

සුරගනක් වගේ ඈ සිරියාවී
නෑ සිනා පොදක් ආඩම්බරකාරී

හිත මගේ හොරකම් කල දගකාරී
හිතවත් කමකට නෑ පැන යාවී
ඔය අහංකාර බැල්මට අසරණ වේවී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply