in Indrachapa Liyanage

ආදරයේ අංශු මාත්‍රයක් | Adaraye Anshumathrayak by Indrachapa Liyanage

තාරුකා වියනට ඉහළ අහසින්
ඈත ඉඳන් හරි හදිස්සියෙන් ඔබ ආවා
ආදරයේ අංශු මාත්‍රයක් අරන්
ආදරයේ සිහින දෙව්දූ ඔබ ආවා

ව්‍යාකරණ නැති
කැඩී බිඳී විසිර ගිය
භාෂාවක හිරවී ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක් අරන්

ඇහිපිල්ලමකටවත් අවසරයක්
තිබුණ් නෑ හරි හදිස්සිය
ඔබ රැඳුණා
ඇසිල්ලකි

මායාවයි ඔබ අසුරු සැනින් මිය යන්නට නියමිත
මා ඔබ ඉම්බා
ආදරයේ අංශු මාත්‍රයක්
දැනුනේ නෑ

 

banner

Leave a Reply