in Indrachapa Liyanage, Kasun Kalhara, Uncategorized

ආදර මල් වල | Adara Mal Wala by Kasun Kalhara & Indrachapa Liyanage

ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ

මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුණා
සමනල් සිහිනය පිපුණා

දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා

මීදුම් තවරා සුළඟක
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සදලියේ

දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැලීලා
මාලති යායක හැලීලා

සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙට වැඩියා
දෙව්ලිය සිහිනෙට වැඩියා

 

banner

Leave a Reply