in Priya Suriyasena, Uncategorized

ආපසු එනවා | Apasu Enawa by Apasu Enawa

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්

ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ
වෙනතක නැතේ ලැගුම්
ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ
වෙනතක නැතේ ලැගුම්

කවුරු කියන්නද කෙලෙස පතන්නද
අද මා හෙලන සුසුම්

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්…

ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළවයි
ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළවයි

හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි
නොහඬමු ඔබයි මමයි

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

banner

Leave a Reply