in Tharindu Damsara, Uncategorized

කොන්ත තරුඑළි | Kontha Tharueli by Tharindu Damsara [2019]

කල්වාරි කදු පාමුල
මග්දලේනා මරියනි
සාංකාමය දෑස් පතුලින් කොන්ත තරුඑළි දැල්වුනි
පින්තාරු කල සිහින නගරයේ
සංසාරයේ සලු මිදුනාද ප්‍රේමියේ

නින්නාද දී ඇසෙන කන්තාරු හඩට සන්තාප සුසුමකින් ඇහැරෙමි
හුරු පුරුදු කදුලකින් ඇණ ගැසෙන ප්‍රේමයේ කුරුසයක බර දරා හිනැහෙමී
නන්නාදුනන රැය දිගුවක්‍ ය රාගයේ
පළමු ගල ගසාපන් ද්වාරයට ස්වර්ගයේ
උත්ථානයේ සිහින නොදකිමි

සන්තානයේ නිනද දී ඇසේ නැසෙන ගීතකාම ස්වරය මරියනි
ඇහි පියල්ලක මිදුනු පිනි කදුලු උල්පතක ස්වර්ගීය උණුහුමෙන් පිබිදෙමි
නන්නාදුනන රැය දිගුවක්‍ ය රාගයේ
පළමු ගල ගසාපන් ද්වාරයට ස්වර්ගයේ
උත්ථානයේ සිහින නොදකිමි

 

banner

Leave a Reply