in Mihindu Ariyaratne

ජීවිතේම නැවතිලා | Jeewithema Nawathila by Mihindu Ariyaratne

ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා
ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා

ලුහු බැඳ ගිය හීන එක පිට එක
ඇස් ඉදිරිපිට ඉදිරිලා
අළු සුඟක් සේ විසිරිලා
හුදෙකලාවේ ගුහාගත වෙලා
මුළු ජීවිතේම නැවතිලා

සුලඟ යයි එදා වගේ විඩා නිව නිව හිතු අතේ
කුරුළු කැල එදා වගේ ගී නදින් මත්ව නිදහසේ
උනුන් බදා වැළඳ තරව
ආත්ම රාගයේ වෙලී හිඳින
ඒ මහා මිනිස් කැල හිර වෙලා
ඒ මහා මිනිස් කැල හිර වෙලා

ඉර නැගෙයි එදා වගේ මල් පුබුදා මිටියාවතේ
ගඟ ගලයි එදා වගේ සඳ කැන් දහරේ දුර ආකහේ
ලේ කඳුළු සිඳී ගිය
අවතාර සේ දහවල ඇවිදින
ඒ මහා මිනිස් කැල හිර වෙලා
ඒ මහා මිනිස් කැල හිර වෙලා

ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා

ලුහු බැඳ ගිය හීන එක පිට එක
ඇස් ඉදිරිපිට ඉදිරිලා
අළු සුඟක් සේ විසිරිලා
හුදෙකලාවේ ගුහාගත වෙලා
මුළු ජීවිතේම නැවතිලා ////

banner

Leave a Reply