in Rahal Alwis, Uncategorized

තණමල්විල බඹරු | Thanamalwila Babaru by Rahal Alwis [2020]

රොනට බර උනත් මත් වුනු
විල් තඹරු
අපිට කොහෙත් එකයි
අපි තණමල්විල බඹරු

රොක්වෙලා තිබ්බට හීන ගොඩක්
පපු කැවුත්ත ඇතුලේ
කුඩුවෙලා හැදිගෑවිලම ගියා
කාසි නැතිව මිතුරේ
කුඩුවෙලා හැදිගෑවිලම ගියා
කාසි නැතිව මිතුරේ

හතරමායිමේ පදුරුත් දන්නවා
අපේ කතන්දරේ
කට්ට කාලා ඔට්ටු වීලා
ජීවිතේ හැඩ කරේ
ලොකුවට හිත්වල හීන නැති උනත්
සාරයි පපු පැත්ත
රැල්ලට බහින්නේ ඔනේ ගේමකට
අපි රගන්නේ තදට
අපිට කොහෙත් එකයි
අපි තණමල්විල බඹරු

ඉදලා හිටලා අඩියක් ගැහුවට
එක දෙක වෙලා පෙනුනේ
අති විශේෂ පදමට
හිත්වල තනිකම මෝරපු දවසට
නිදිමත දුර හින්දා
පාලුව එක්කම තනියට මහ රෑ
තනි අලියෙක් හිටියා
අපිට කොහෙත් එකයි
අපි තණමල්විල බඹරු

රොනට බර උනත් මත් වුනු
විල් තඹරු
අපිට කොහෙත් එකයි
අපි තණමල්විල බඹරු

රොක්වෙලා තිබ්බට හීන ගොඩක්
පපු කැවුත්ත ඇතුලේ
කුඩුවෙලා හැදිගෑවිලම ගියා
කාසි නැතිව මිතුරේ
කුඩුවෙලා හැදිගෑවිලම ගියා
කාසි නැතිව මිතුරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply