in Nathasha Perera

තාම ආදරෙයි | Thama Adarei by Nathasha Perera [2020]

සියොතුනේ…..
පියඹාල යද්දී දුටුවාද මාගේ ආදරේ
මදනලේ……….


දැවටී හමද්දී දුටුවාද මාගේ ආදරේ
තරු රෑන මැද දිලෙන සරාසද වගේ…
නිල්දියේ සැරිසරන හංස රජු වගේ…
දෙනෙත් නොපියා පේන
හීන වලට පණ පෙව්ව
මටම හිමි නොවුනාට
මගේ පෙම් කුමරාට
තාම ආදරෙයි
තව ආදරෙයි


වැටෙන හුස්මක් ගානේ ආදරෙයි
තාම ආදරෙයි
තව ආදරෙයි
හද ගැස්මක් වාරේ ආදරෙයි…
මං ආදරෙයි
ආල සෙව්ව හදවත මාගේ
පෙමින් මත්වෙලා
නුඹගේ දසුන් විඳිනවා….
සීත යායෙ පෙම් මල් පීදී
සුවඳ දී හමාලා
සඳ යාමෙ තව හැඩකලා
හීනෙකින් ළංවෙලා
ආදරේ හංගලා
පාලුවේ මම ඉන්නම් තනිවෙලා


තාම ආදරෙයි
තව ආදරෙයි
වැටෙන හුස්මක් ගානේ ආදරෙයි
තාම ආදරෙයි
තව ආදරෙයි
හද ගැස්මක් වාරේ ආදරෙයි…
මං ආදරෙයි

banner

Leave a Reply