in Lavan Abhishek, Sangeethe Teledrama

දෙපිය නගලා | Depiya Nagala by Lavan Abhishek from Sangeethe Teledrama [2020]

දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේ
කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේ
පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී
කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී

ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි

අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදී
අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ
දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේ
වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ

ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply