in Milton Mallawarachchi, Uncategorized

නිරතුරු මම ඔබ | Nirathuru Mama Oba by Milton Mallawarachchi

නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද

මදහස දුන්නද දකින වෙලේ
ඔබ මෙහි එන බව සිතිය නොහේ
කල යුතු කිසිවක් සිතට නොඒ
මගේ සිතිවිලි එකතැනක නොවේ

නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද

දෙදෙනා සැනසුම ලැබිය යුතුයි
දිවි ඇති තුරු ලග සිටිය යුතුයි
අප එක සෙවනක වෙසිය යුතුයි
නැත නැත අප එක නොවිය යුතුයි

නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද

banner

Leave a Reply