in Pasan Liyanage

ප්‍රේමි ප්‍රමිලා | Premi Pramila by Induwara Bogoda ft. Pasan Liyanage [2019]

වශී සුළි ලෑ රෝස කම්මුලේ
තැබූ හාදු තිලකේ තියන්
කදුළු පුරෝගෙන ඈත බලාගෙන
හිදිනු මැනවි දැත් බැදන්

ඔබ දමා ගියාට ආයෙත්
නොඑනා ගමන්
එනවාමයි මං මතු අත්භාවයේ
ප්‍රථම ප්‍රේමේ අරන්

ප්‍රේමියෙ ප්‍රමිලා අන් සතු සිතට
පෙම් කල වරදට
දංගෙඩියට යන බව දැන සිටියා මං
ඔබ දුටු දිනේ පටං
ප්‍රේමියෙ ප්‍රමිලා එනවාමයි මං
ආයෙත් සොයන් ප්‍රේමේ නාමෙන්

කවි සිත වෙත පෙම් බැදී අගබිසවුණි
බිසෝ කොටුවේ කොටු වී විඳ වූ ගිනි
ලැව්ගිනි සේ ලා රතියෙන් අවුලා
ප්‍රේමෙන් කලතා මා දමනය කළ
ප්‍රේමියෙ ප්‍රමිලා….

කවි සිත වෙත පෙම් බැදී අගබිසවුණි
බිසෝ කොටුවේ කොටු වී විඳ වූ ගිනි
ලැව්ගිනි සේ ලා රතියෙන් අවුලා
ප්‍රේමෙන් කලතා මා දමනය කළ
ප්‍රේමියෙ ප්‍රමිලා….

කුමන රුවත් නෑ ඔබවන් රුවැති
කුමන සුවත් සුව නෑ ඔබ නොමැතී
බමන මතින් මෙන් ඔබටම ගැති වී
මරණින් මතුව ද ඔබටම ගැති වී
ප්‍රේමියෙ ප්‍රමිලා…

කුමන රුවත් නෑ ඔබවන් රුවැති
කුමන සුවත් සුව නෑ ඔබ නොමැතී
බමන මතින් මෙන් ඔබටම ගැති වී
මරණින් මතුව ද ඔබටම ගැති වී
ප්‍රේමියෙ ප්‍රමිලා…

banner

Leave a Reply