in Kethaki Suraweera, Tharindu Damsara

පුරහද | Purahada by Kethaki Suraweera ft. Tharindu Damsara [2020]

රෑ පායන පුරහඳේ
නුඹේ උණුහුම මට දැනේ
දිලෙනා විට ළඟ මගේ
මේ රෑය මගෙදැයි හැඟේ

වළා යටින් පාවි ගොස් හිතුමතේ
සිනාසිසී සරදම් කරන්නේ
වැහි පොදේ මං
තෙමි තෙමි දුවන්නේ
තිසරුන් ඔහේ සැලි සැලී රඟන්නේ

තුරු අතරින් එබී බලමින් රහසේ
ආල නුරා කැළුම් පාන්නේ
තරුඑළි නිවා සිහිනෙක රැඳෙන්නේ
පිණිසළු මුදා යහනට වඩින්නේ

රෑ පායන පුරහඳේ
නුඹේ උණුහුම මට දැනේ
දිලෙනා විට ළඟ මගේ
මේ රෑය මගෙදැයි හැඟේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply