in Vinod Attanayake

මං තනියෙන් | Man Thaniyen by Vinod Attanayake [2010]

සිහින ගොඩක පැටලී
කාසි වලට ලොල් වී
කුමරු කෙනෙකු ලෙස අද
නගරේ ඉන්නෙ තනිවී
ලෙන්ගතු කොමල කතා
ලපටි බොලද සිනා
නොමැති නිසා
පුරුදු ගමේ සිසිල හොදා
නිතර ගෙතුන කතා
සිතට ගන්න එපා
මා සීලවතිය නම් පරදා
එන්නම් සත්‍යය පහදා
ගමට මෙදා
පුරුදු පරිදි එදා
සිහින මන්දිර නැත
කැන්දන් යන්නම් යසා

මං තනියෙන්
ඇවිදින්
තනිකම් උහුලන්නද
මං තනිකම් නොකරන්
මලකින් රොන් ගත්තද
පින් නෙතගින් බැලුමන්
කැලුමන් මට හෙලුවද
දුන් සදුන් මතකෙන්
කෙලෙස දුරුලන්නද
මා

ආලේ බැන්ද රම්‍ය මාගේ
ලබන සති අන්තයේ
දැක වැලද ගන්නයි
ඇගිලි ගැන්නේ මා
මග බලා
වේතනේ ලැබෙන තුරා
ලබන කුජ දින වෙනකන් ඉන්නම්
සුසුම් සලා
සැප දුක විමසන්න
දුරකතනෙන් දැන ගන්න
ඔය මිහිරි හඩෙන් සැමදා අමතා
කොදුරා සිප ගන්න
නෙතු අග
මිහිර විද සැප දෙන්න
නැත අවකාශ
උඩු ගම් බලා
එන්න දෝ
මතක කාල සිට දැක්කෙ නැත
අහස උසට වැඩ
ගෙවුනු සතර මස තුල
නමුදු ලැබුනු ඉඩ තුල
එන්නම් දැක ගන්නට
මන්ද රාජකාරි අතරේ
ඔබටයි පලමු තැන
අමනාපද
ඉතින් මා වෙත පවසන්න
ගෙන එන්නම් ඔබට
තෑගී බෝග ඉස්තරම්ම
සේද පැලැද
තෝඩු යුගල මාල
ලබන කුජ දින වෙනකන්
මග බලා ඉන්න

දැන් කොහොමෙන්
කොතනෙන් ප්‍රේමය පරදන්නද
ලංවෙන්කන් ඉවසුම් නැත
තුරුලට ගන්නට
දැන් කොතනින්
කොහොමෙන් ප්‍රේමය පරදන්නද
ලංවෙන්කන් ඉවසුම් නැත
තුරුලට ගන්නට

අමනාපද කෙල්ලේ
දකින්න නාපු හින්දා
ගිය සතියේ
ඔබ ගැනමයි
සිතුවේ පැතුවේ
පාලුවෙන් ඉදිමින් කල් ගෙව්වේ
වැඩවලින්ම හෙම්බත් වී මං
කාර්‍යාලයටම හිර වූයේ
ඉස්පාසු නැතිව ශනිදා
ඉරිදා පවා වැඩ තිබුනේ

අඩුපාඩු තිබුනා තමා
ඉල්ලමි ඔබගෙන් සමා
මේ ලිපිය ඔබට එවන්නේ
කරුනු වටහා දෙන්න සිතා
මග බලා නිවාඩු ලැබෙන තුරා
වෙනදා වගේ තරහා නොවී
ඉදින් පැතුමන් දල්වා

මං තනියෙන්
ඇවිදින්
තනිකම් උහුලන්නද
මං තනිකම් නොකරන්
මලකින් රොන් ගත්තද
පින් නෙතගින් බැලුමන්
කැලුමන් මට හෙලුවද
දුන් සදුන් මතකෙන්
කෙලෙස දුරුලන්නද
මා

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

banner

Leave a Reply