in Tharindu Jayasinghe

මැණික | Manika by Tharindu Jayasinghe [2020]

මෝරපු කුසට වෙරදී – සයනයම බදා
වෙව්ලන දෑස දියකර – උණු කඳුළු සලා
ඉකිලන හැඬුම් – යන්තම් හුරුපුරුදු නිසා
ලං වී බැලිමි විලිබර ඈ – කවුද කියා

පෙර මාව මත් කරපු – ඒ උමතු නෙත් දෙකයි
හැමදාම හිත හෙව්ව – ඒ මිහිරි සුවඳමයි
මුළු හිතින් මං වින්ද – ඒ සොඳුරු රූපෙමයි
කියාපන් මගෙ මැණික – මේ ඉන්නෙ නුඹමදැයි

පෙර මාව මත් කරපු – ඒ උමතු නෙත් දෙකයි
හැමදාම හිත හෙව්ව – ඒ මිහිරි සුවඳමයි
මුළු හිතින් මං වින්ද – ඒ සොඳුරු රූපෙමයි
කියාපන් මගෙ මැණික – මේ ඉන්නෙ නුඹමදැයි

උහුලන්නෙ කෙලෙස මං – පෙර මතක හිත තියන්
රිදෙනවා තුන් හිතම – සුදු මැණික ඇති තරම්
කොයිතරම් දරුණුයි ද – දෛවයේ නපුරුකම්
හිත හිතා අරගතිමි – පිහිය දෑතට මෙමං

උහුලන්නෙ කෙලෙස මං – පෙර මතක හිත තියන්
රිදෙනවා තුන් හිතම – සුදු මැණික ඇති තරම්
කොයිතරම් දරුණුයි ද – දෛවයේ නපුරුකම්
හිත හිතා අරගතිමි – පිහිය දෑතට මෙමං

දෙපලු කරගෙන නුඹේ කුස මං – අතට අරගෙන පොඩි එකා
තුරුල් කරගෙන හිටියා ඩිංගක් – පුරුදු සුවඳක් ආ නිසා
නුඹ වගේමයි හරිම ලෝභයි – දකිද්දිත් මට උගේ සිනා
අහන්නට හිතුණා නුඹෙන් මට – ඇයි මගේ නොවුනේ කියා

අදටත් නැති නිසා – පෙම් සිත ඔබ ගාව
අපි මැවූ හීනවල – ජීවත් වෙමි තාම
අයිතිය නැති උනත් – මගෙ ලේ වල ගෑව
පියෙක් උනා මං – නුඹෙ පැටියගේ ගාව

ඉතිං මැණික – එහෙනම් මං සමුගන්නම්
ලද බව පුතෙක් – ඔහු වෙත ගොස් පවසන්නම්
මං වෙනුවෙන් මේ දේ – විතරක් කරපං
අමතක නොකර – පැටියට මගේ නම තියපං

banner

Leave a Reply