in Nanda Malani

මොන්ගෝලියානුවනී | Mongoliyaaniwani by Nanda Malani

මොන්ගෝලියානුවනී
කහවන් ආසියාවේ
කොකේසියානුවනී
සුදුවන් යුරෝ දේසේ
නිග්‍රෝ වරුනී
කලුවන් අප්‍රිකාවේ

උරය බලා සැතකින්
බලන් රුහිරු
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

සිංහල ජනයෙනි
රුහුණු මායා පිහිටි රටේ
දමිළ ජනයෙනි
යාපා පටුනේ මඩකලපුවේ තිරිකුනාමලේ
මුස්ලිම් ජනයෙනි
බේරුවල හම්බන්තොට දිහාවේ

උරය බලා සැතකින්
බලන් රුහිරු
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

බුදුනුවනී
දන් දෙන්හී යෙදෙන පන්සලේ
කිතුනුවනී යදින යාතිකා
දෙව් මැදුරේ
මුස්ලිමුනී
කියන කුරානය
පල්ලියේ

උරය බලා සැතකින්
බලන් රුහිරු
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

බමුනනි වරෝ වෙල්ලාවට
පූන නූලෙන් දිය ලණු බැදගෙන
බමුනනි වරෝ වෙල්ලාවට
පූන නූලෙන් දිය ලණු බැදගෙන
රජකයනි ගනිව් සිහසුන
වෙල්ලා හැලියෙන් සෝදා අතපය
රජකයනි ගනිව් සිහසුන
වෙල්ලා හැලියෙන් සෝදා අතපය

සිහල ගිනි දන්ඩේ
දමිළ වෙඩි උණ්ඩේ
ගෝත්‍රවාදී ඉලක්ක වලකා
සිහලුනේ යමව් යාපා පටුනට
දමිළයිනි වරෝ රුහුණට

උරය බලා සැතකින්
බලන් රුහිරු
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply