in Chanuka Mora

යකා නටන්නේ | Yaka Natanne by Chanuka Mora [2020]

කන්ද උඩරටින් කොඩි ලෙළදෙන්නේ
පිය හස්ති රජුන් මව් පොලව සිබින්නේ
සක් රාවේ නාදේ නුවරට පන දෙන්නේ
අපි හිරුට වැන්ද පෙළපතින් උපන්නේ

කෙහෙල් බඩයි ගොක් කොළ අතු රෑනයි රබකැන් අබ අතු පිදෙණියේ
කොල්පාඩුවයි බුලත් පදෙයි කෝ සැගවුණු අපේ කංකාරි බලේ
හේන් කපන් වැව් අමුණු බැදන් රට සහලින් බර කල හෙළයන්නේ
ගුවන් තලෙන් පියසරන්න අපි සක්වලින් නුවණ ගත් හෙළයන්නේ

එහෙම තමයි හෙළ රට හෙළයන්නේ
එහෙම තමයි හෙළ රට අපේ දිව්වේ
එහෙම රටක ලේ උබට තියෙන්නේ
උබ එහෙම රටක ඇයි යකා නටන්නේ

පහතරටින් ගුරුකම් විහිදෙන්නේ
වෙස් මූනු රහට සුදු මිනිසුන් එන්නේ
දෙවියන්ගේ රෝග සැම දුරුකරලන්නේ
යක් බෙරේ වැයෙනකොට ලේ කකියන්නේ

මාතර බෙන්තර රයිගම ආරෙට දෙවොල් මඩුව නිසි හැඩගන්නේ
බිල්ලෙ යකා කළු රීරි යකා ඊ ගහ දකිනා විට බියවන්නේ
අපිට නොහැකි වැඩ සැම කරන්න යක්කුන්ගෙන් වැඩ ගත් හෙළයන්නේ
රටක උරුමයට පණ පොවන්න ලේ බිම හෙලන්න වුනු හෙළයන්නේ

එහෙම තමයි හෙළ රට හෙළයන්නේ
එහෙම තමයි හෙළ රට අපේ දිව්වේ
එහෙම රටක ලේ උබට තියෙන්නේ
උබ එහෙම රටක ඇයි යකා නටන්නේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply