in ChrishVix, Drill Team, Uncategorized, Yuki

යථාරූප (Yatharupa) – Drill Team Presents ChrishVix ft. Yuki

අසමාන අසමසම සිතසැනසිල්ලේ
සෙවනැල්ලේ කළු සුදු තිත
නිවන ගිනි නොගෙන
ඇවිලේද සිත?
කය
මනස
මිනිසා
ඇවිදින මල කද

තුංග අනු අතර රිංග
නැගෙන සිතුවිල්ල
මනස ඉහලින්ම
සර්වසම්පූර්ණ
මිනිසා නොම මැවුනත්
නස්න කර නොගෙන ප්‍රශ්න
රස්නේ නොකර ගමන ගව් ගානක්
දැවි දැවි නිවි නිවි සනස මනස හිත් පිත්
තරවටු කල කල සරල සිත්
මත්ව නග්න ගිනි ගත්ත රක්ත
කීතු කීතු නීති
හේතුඵලදහම

ලියූ සටහන යථා වතා වතගොත
සත්යතා භාවානු රූප රාමු
ඇත්ත ඇති සැටී
මිත්‍රය මම ඇදී චිත්‍රය
සිත කය මනස
යථාරූපී ත්‍රිත්වය

සලුවක් දරා
ගිනිගත් ඒ මිනිසා
නිවන මවලා
පලස තියලා
භගවත්ව
දිවි
හිමි
සිහි
මවනා…
මුළු ලොව තුන් ආත්ම බලා
නොබලා
හැගුනා
කවුරුන්ද මා?

වෙනසක් විමස
වෙනතුරු සිත නිර්භය
අදුනක් බිදුනා තෙරපී
මිනිස් වර්ගය
අනර්ඝය! ගෝලාකාර ලෝකේ
මිනිසට මිනිසා
ඒ නිසා වෙසෙනා සවනට
ප්‍රශ්න නෑසුනා නොවේ
ඇසුනා
පෙනුනා
කන් පිරුනා
හිතුනා
හෙවනැල්ලයි පස් රේඛා…
දැනුනත් වැරදි වරද
නිහඩතාවයක
එලෙස රැකෙනු රිසි
එකගතාවයක

සාධාරණ සත්‍ය සවනේ
සක්සුදක් සේ
මෙමා මම මත්ව
අදුරක ගිල්ලූ මතකේ

විටක විද්වත්තු
විවිධ වෘත වගතුග
උභතෝකෝටික
ප්‍රහෙලිකා
තරණයක්
මනුස්ස සතෙකුට

සරලයි!
යන්නෙ
එන්නෙ
ඉන්න
වෙන්නේ
තනියම නමටයි
නම ගම ආගම බන්ධන
නෑකම හිතේ නෑවෙන එක නෑකම
ලෝකය = නිරන්තර පෙරළිය

සලුවක් දරා
ගිනිගත් ඒ මිනිසා
නිවන මවලා
පලස තියලා
භගවත්ව
දිවි
හිමි
සිහි
මවනා…
මුළු ලොව තුන් ආත්ම බලා
නොබලා
හැගුනා
කවුරුන්ද මා? මා…!

 

Official Music Video:

 

** All the credits goes to the original artists **

banner

Leave a Reply