in Erandi Madushika, Uncategorized

රාවණා | Ravana by Erandi Madushika [2017]

රාමාට මා සැකයි – රාවණා
රාමාට මා සැකයි – රාවණා

ගිණි – සෑයේ අභියස මා දැවේ වී රාවනා
සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි බුර බුරා

හඩමි මා රාවණා – රාවණා
රාමාට මා සැකයි – රාවණා

නැගෙන ගිණිදලු මතින් – පාව යයි දුම් ස්නේහයේ
සත් පතිනි විලාපේ – සත් සයුර තරණය කරයි

හෝ…. හෝ…..

නුඹේ තුඟු දසුනෙන් – මගේ සිත සිරකලා
මහඟු මනු ගුණයෙන් – මගේ සිත සිරකලා
නොසැලෙන්න මගේ සිත සිරකලා

හුදකලා වදුලේ – කලේ නුඹ භාවනා
අඳුරු සීතල තුරුලේ – කලේ නුඹ භාවනා
මා අසල කලේ නුඹ භාවනා

රාමාට මා සැකයි – රාවණා
හඩමි මම රාවණා දශාණන් රාවණා

ගිණි – සෑයේ අභියස මා දැවේ වී රාවනා
සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි බුර බුරා

රාමාට මා සැකයි – රාවණා
රාමාට මා සැකයි – රාවණා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply