in Kalpana Kavindi, Tharindu Damsara, Uncategorized

රෝමියෝ නම් වෙන්න එපා | Romeo Nam Wenna Epa by Tharindu Damsara ft. Kalpana Kavindi [2019]

රෝමියෝ නම් වෙන්න එපා නුඹ
මට බැහැ ජුලියට් වෙන්න
පෙම් කළත් කොයිතරම් නුඹට
පෙම නිසා බැහැ මියැදෙන්න

ළඟ ඉන්න ඕනෙමද
පෙම් කරන හැමදේම -හැමදාම
ළඟ නැතත් එය
දුරින් හෝ හිඳ හිනැහෙනු දැක
සැනසෙන්න හැකි හදවතක් තනාගනු මිස
ප්‍රේමයේ නමින් මියැදිලා කුමටද?

මියැදෙන්න ඕනෙමද
පෙමක් නැතිවූ විට හඬා වැලපීම
පෙමක් නොලබා කිසිදාක
තුටින් වෙසෙනා හදකින් එහි රහස අසාගෙන
ප්‍රේමයේ නමින් ජීවත් වෙමු තව

 

banner

Leave a Reply