in Roshan Fernando

වසන්ත කාලෙට | Wasantha Kaleta by Roshan Fernando

වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
එපා කියද්දී බලහත්කාරෙන්‍ යහනට කඩාවදී
විනීත තාලෙන් ප්‍රේමාලිංගන
නෙත් කරලිය පාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ

වසන්ත කාලෙට සුරංගනාවන්
අනන්තවත් ඒවී
බැහැයි කියද්දී ඇවිටිලි කරමින්
සෙනෙහස ඉල්ලවී
ප්‍රනීත් මදිරා පෙරා පුරාදී
උමතු වෙසින් කැරකී
බැහැයි කියද්දී
සවුදිය පිරුමට යෞවනයම අයදී
බැහැයි කියද්දී
සවුදිය පිරුමට යෞවනයම අයදී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ

වසන්ත කාලෙට සුරංගනාවන්
අනන්තවත් ඒවී
අවසර නැතිමුත් සිරුරේ හැපිහැපි
ලගින්ම සැතපේවී..
තුසීතයේ සිට ආබව කියමින් යන්නට සැරසේවී..
එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී
එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

banner

Leave a Reply