in Rasika Wijeratne, Ravindra Meegamarachchi

සපුරා තහනම් | Sapura Thahanam by Rasika Wijeratne ft. Ravindra Meegamarachchi [2010]

සපුරා තහනම්
ආදරේ මට නම්
නෙතු පියා ගන්න සදහට
ටික දිනයි තියන්නේ
නොදැන ඒ නුඹ විමසුවත්
ආදරේ දැයි ඔබට මං

අතරමං වී ගොළු වුනේ
ආදරේ නිසා මං
මගෙ අවසන් හුස්ම තුරුළු කර
මියෙන තුරා ඉන්නව නම්
ඔබ නිදනා යහන් සමීපේ
සුසුමක් වී පාවෙන්නම්

භවයෙන් භවේ
ඉමි මග බලා
ඔබ එයි කියා
එතුවක් තුරා
පෙරුමන් පුරා
එන්නම් සොයා

සපුරා තහනම්
ආදරේ මට නම්
නෙතු පියා ගන්න සදහට
ටික දිනයි තියන්නේ
නොදැන ඒ නුඹ විමසුවත්
ආදරේ දැයි ඔබට මං
අතරමං වී ගොළු වුනේ
ආදරේ නිසා මං

හීතල මගෙ දෙතොල් අගට
වැටෙනා උණු කඳුලැලි පේළි
දුකයි සිතට ඇස් වහගන්නට
නුඹ ලඟ සිටින වෙලේදි

භවයෙන් භවේ
ඉමි මග බලා
ඔබ එයි කියා
එතුවක් තුරා
පෙරුමන් පුරා
එන්නම් සොයා

සපුරා තහනම්
ආදරේ මට නම්
නෙතු පියා ගන්න සදහට
ටික දිනයි තියන්නේ
නොදැන ඒ නුඹ විමසුවත්
ආදරේ දැයි ඔබට මං
අතරමං වී ගොළු වුනේ
ආදරේ නිසා මං

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply