in Kasun Kalhara

සැබෑ නොවෙන හීන | Saba Nowana Heena by Kasun Kalhara [2015]

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුනා පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply