in Chamara Ranawaka, Uncategorized

සුදු පිච්ච පොකුරු | Sudu Pichcha Pokuru by Chamara Ranawaka

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දා
නුඹ කැන්දන් එනවා
මුලු ගම්මානෙම මම නුඹව
ඇවිද්දලා සිංදු කියාදෙනවා
අපේ අප්ප කුඩප්පලා
මාමලා නැන්දලා මුනගස්සලා දෙනවා
ඔරුවෙ නග්ගගෙන මාරු වැව වටේ
රවුමක් ගෙනියනවා

වටින් ගොඩින් හොර රහසින්
නුඹ මට කැන්දන් යන්නට බෑ
මගේ නෑයො පරානේ බලන් ඉන්නවා
ඇස් වන්නනෙත් නෑ
අපෙ අම්මා උයන පන් පැදුරේ
උබට හොද නින්ද යයි ද දන්නෑ
අප්පා රෑට පැණි බීලා ඇවිත්
මොර තියයිද දන්නෙත් නෑ

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දා
නුඹ කැන්දන් එනවා
මුලු ගම්මානෙම මම නුඹව
ඇවිද්දලා සිංදු කියාදෙනවා
අපේ අප්ප කුඩප්පලා
මාමලා නැන්දලා මුනගස්සලා දෙනවා
ඔරුවෙ නග්ගගෙන මාරු වැව වටේ
රවුමක් ගෙනියනවා

වෙසක් සදේ නුඹ හිනාවෙන්නේ
නෑ එදාට පායාපන්
පුවක් මලේ නුඹ තව මොරන්නෑ
එදාට සරසාපන්
රන් පොකුරු පොකුරු ඇගේ මූණ වටේ
මල් මල් සිරියාවන්
දකින දකින කල පුංචි පැලේ
දුක නැති බව පවසාපන්

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දා
නුඹ කැන්දන් එනවා
මුලු ගම්මානෙම මම නුඹව
ඇවිද්දලා සිංදු කියාදෙනවා
අපේ අප්ප කුඩප්පලා
මාමලා නැන්දලා මුනගස්සලා දෙනවා
ඔරුවෙ නග්ගගෙන මාරු වැව වටේ
රවුමක් ගෙනියනවා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply