in Chamara Ranawaka, Uncategorized

සුරුවම අයිනේ | Suruwama Aine by Chamara Ranawaka

සුරුවම අයිනේ පුංචි පැලේ
මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැහි එක්කල
මුහුදත් රළු වෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා
අප්පව සිහි වෙනවා
අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා

සුරුවම අයිනේ පුංචි පැලේ
මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැහි එක්කල
මුහුදත් රළු වෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා
අප්පව සිහි වෙනවා
අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා

හුලන් ඇදෙන කොට
මුහුද දිගේ පැල ඇතුලට වෙනවා
අම්මත් එක්කල හෙමින් සැරේ
මන් ඔරසන් කියවනවා
ලස්සන ලස්සන සේද වලාවෝ
නගරෙට පාවෙනවා
සමිදුන් මට තනි තරුවක් එව්වද
පැල්පත බැබලෙනවා

සුරුවම අයිනේ පුංචි පැලේ
මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැහි එක්කල
මුහුදත් රළු වෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා
අප්පව සිහි වෙනවා
අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා

බඩගින්නක් මට දැනෙන්නේ නෑ
මේ නත්තල් කාලේ
වෙරළේ වාඩිවී මුහුද දිහා
මම බලනවා හැම වාරේ
සමිදු පුදන්නට ඉටිපන්දම් නෑ
ඒකයි මන් නාවේ
අප්ප ආපුවම පල්ලියෙ එන්නං
අහන්න ගී නාදේ

සුරුවම අයිනේ පුංචි පැලේ
මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැහි එක්කල
මුහුදත් රළු වෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා
අප්පව සිහි වෙනවා
අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා

සුරුවම අයිනේ පුංචි පැලේ
මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැහි එක්කල
මුහුදත් රළු වෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා
අප්පව සිහි වෙනවා
අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply