in Arjuna Rookantha

සෝඩි ලැම හස | Sodi Lama Hasa by Arjuna Rookantha [2012]

සෝඩි ලැම හස පෑයු පමණින්
බඹර ගුම් නද ඇසූ තරමින්
නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න
එපා දෑතින් මලේ පෙති දිග හරින්න
එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න
එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න

දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න
නුඹේ පියාපත් තව ළපටි නොවෙදැයි සිතන්න
සිහින ඇති නිමාවක් නැති තරම්
ඒත් මේ ගැන සිතන්න
අපා දුක් විඳ වුවද කම් නැත
පොළොවේ පය ගහ සිටින්න
පොළොවේ පය ගහ සිටින්න

සෝඩි ලැම හස පෑයු පමණින්
බඹර ගුම් නද ඇසූ තරමින්

අග්නි වැලකට ඇවිද යා නොහැකි නමුත්
පුළුන් රොදක පාවෙලා යා හැකි බවත්
තරව සිහියට නගන්න
දැවි දැවී ජීවිතය කුමකට ගෙවෙන්නේ
නගේ ඩිංගක් හැඟුම් යටපත් කරන්න

සෝඩි ලැම හස පෑයු පමණින්
බඹර ගුම් නද ඇසූ තරමින්
නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න
එපා දෑතින් මලේ පෙති දිග හරින්න
එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න
එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

banner

Leave a Reply