in JayaSri, Raini Charuka

හදවත කීරි ගසයි | Hadawatha Keeri Gasai by Jaya Sri ft. Raini Charuka [2020]

හදවත කීරි ගසයි අද මාගේ
අමතක නෑ මතකයි අද වාගේ
කාටත් රහසින් ඒ හදපානේ
දවසක් උන්නා අපි හන්තානේ

හදවත කීරි ගසයි අද මාගේ
හිරිගඩු පිපුනා මොහොතක් ගානේ
දවසක් රහසින් ඒ හදපානේ
තනිවී උන්නේ ඒ හුම්මානේ

ලංවෙලා කිව්කතා
රහසේ කොදුරලා
ආදරේ පීරලා
ඔබගෙන් මත් වෙලා
අහසේ රෑ පුරා
තරූ ඇහැරිලා
නොබලා ඒ දිහා
නොසැලී පෙම් කලා

මනමාලකමයි කදිමයි
මා වෙලා මං මුලා
දුර ඈත ගියා නොකියා
සිත මා නුඹ ලග තියා
ඉවසන්න තවත් මට බෑ වෙන්වෙලා
දගකාර නුඹයි නුඹමයි මට ඕනා

හදවත කීරි ගසයි අද මාගේ
අමතක නෑ මතකයි අද වාගේ
කාටත් රහසින් ඒ හදපානේ
දවසක් උන්නා අපි හන්තානේ

මගේ වෙලා උන් එදා
දෑසේ කී කතා
රැදිලා සිත් පුරා
වින්දා රෑදිවා
පෙම් වැසී වස්සලා
දෙන්නාත් එක්කලා
නොසිතා ඒ දිහා
නොසැලී පෙම් කලා

සැනසිල්ල නුඹයි නුඹමයි
ඒ නිසා ලංවෙලා
ඔය ලීලේ මටයි මටමයි
ඒ හින්දාමයි ගැලපිලා
තව ඉන්න බයයි ආසයි ලංවෙලා
සබකෝල ගොඩයි බෝමයි
තනිවීලා

හදවත කීරි ගසයි අද මාගේ
අමතක නෑ මතකයි අද වාගේ
කාටත් රහසින් ඒ හදපානේ
දවසක් උන්නා අපි හන්තානේ

ලංවෙලා කිව්කතා
රහසේ කොදුරලා
ආදරේ පීරලා
ඔබගෙන් මත් වෙලා
අහසේ රෑ පුරා
තරූ ඇහැරිලා
නොබලා ඒ දිහා
නොසැලී පෙම් කලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply