in Aruna Gunawardana, Uncategorized

හරියටම එක හිනාවක් | Hariyatama Eka Hinawak by Aruna Gunawardana [2019]

හරියටම එක හිනාවක්
බෙදාගෙන එක වතාවක්
සිය දහස් වර හිතට කීවා
නුඹ නොකී එක කතාවක්…..

ගිලී දෙනෙතේ වෙලාවක්
දුටිමි නොදුටුව රටාවක්
අතර මං වී දෑස වැලපේ
සොයා නුඹ රුව වතාවක්…..

දැනී නොදැනෙන විඩාවක්
සිතම අද හුදෙකලාවක්
අතැර යන්නට කොහෙද සිත ඉඩ
නුඹේ සුසුමත් ඉනාවක්…..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply