in Dushan Jayathilaka, Mathakayan Album [2012], Uncategorized

හිතට හිතෙන දේ | Hithata Hithena De by Dushan Jayathilaka | Mathakayan Album [2012]

හිතට හිතෙන දේ
කරන්න තිබුනා නම්
ගතට දැනෙන දේ
විදින්න තිබුනා නම්
නෙත පිනවන දේ දකින්න තිබුනා නම්
පණට වඩා මට ආදරේ කෙනෙක් සිටියා නම්

දිව රෑ නොබලා
නෙත නිදි වරලා
අදරය කලාට කම් නෑ
යාලුවෝ හින්දා
මා ගැන හොයන්න
වෙලාව නැතුවට කම් නෑ
ඉදහිට හෝ මගෙ හිත පාරන
දුකකුත් දුන්නට කමක් නෑ
පණට වටා මට ආදරේ කලොත්
ඒ ඇති මම තනි වෙන්නෑ
පණට වටා මට ආදරේ කලොත්
ඒ ඇති මම තනි වෙන්නෑ

හිතට හිතෙන දේ
කරන්න තිබුනා නම්
ගතට දැනෙන දේ
විදින්න තිබුනා නම්
නෙත පිනවන දේ දකින්න තිබුනා නම්
පණට වඩා මට ආදරේ කෙනෙක් සිටියා නම්

පෙම් කවි ලියලා
පෙම් වැකි අමුනා
ලියුම් නොලීවට කම් නෑ
ආදරේ හින්දා දිවි පුද කරන්න
ඔබෙ නොසිතුවාට කම් නෑ
යාළුවෝ ලගදී
බොරුවට වාගේ වැරදි නොකීවත් කම් නෑ
පණට වටා මට ආදරේ කලොත්
ඒ ඇති මම තනි වෙන්නෑ
පණට වටා මට ආදරේ කලොත්
ඒ ඇති මම තනි වෙන්නෑ

හිතට හිතෙන දේ
කරන්න තිබුනා නම්
ගතට දැනෙන දේ
විදින්න තිබුනා නම්
නෙත පිනවන දේ දකින්න තිබුනා නම්
පණට වඩා මට ආදරේ කෙනෙක් සිටියා නම්
පණට වඩා මට ආදරේ කෙනෙක් සිටියා නම්
පණට වඩා මට ආදරේ කෙනෙක් සිටියා නම්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply