in Nirasha Ekanayake, Sanka Dineth

හුස්මක් පවා | Husmak Pawa by Sanka Dineth ft. Nirasha Ekanayake

හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරා

පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියා දෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා
පෙම විඳිනවා රතු ලේ පවා

අඳුරේ පවා පේන තරු නෙත් දිහා
නොසැලී බලා ඉන්න හිතුනා සදා

හැඟුමන් වෙලී උන්නු සුසුමන් පවා
තුරුලේ තියාගනිමි මගේමයි කියා

ඔබේ ආදරෙන් මගේ ජීවිතේ
මුසපත් වෙලා කඳුලක් වුනා

හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරා

පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියා දෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා
පෙම විඳිනවා රතු ලේ පවා

හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා
නුඹටයි මගේ හීන දෙන්නේ ලියා

පපුවේ නිදා උන්න මොහොතක් පවා
දැනුනා ළයේ ගැඹුරු සනසා තියා

මේ ආත්මයෙත් මතු ආත්මයෙත්
ඉමු ළං වෙලා මියෙනා තුරා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply