in Vidula Ravishara

හේතුව | Hethuwa by Vidula Ravishara [2019]

අහසක් වගේ හැඟුමක් හිතේ පිරී
සුසුමක් පවා කවියක් වගේ…
අහසක් වගේ පහසක් ඔබේ ආදරේ
මා නැවතීලා ඒ ආදරේ…

සන්තානයේ සීමා බීඳී
රැව් දී රැඳී ගීයක් වගේ
මා හා එදා… ළංවී බැඳී…
උන් ආදරේ… ඒ ආදරේ

තරුවක් වගේ එළියක් හිතේ පිරී
කතරක් පවා උයනක් කළේ…
සංසාරයේ ළංවී රැඳී මා කෙරේ
රිදුමන් දැවූ ඒ ආදරේ…

සන්තානයේ සීමා බීඳී
රැව් දී රැඳී ගීයක් වගේ
මා හා එදා… ළංවී බැඳී…
උන් ආදරේ… ඒ ආදරේ

තරූ ඇස් ඉඟි පෑවා
මුදු හසරැල් නාවා
මායිම් නැති හීනේ
මා සිරකළා…

පෙම් සැමරුම් සේනා
ළංළං වී ආයේ
රහසක් සේ කීවා
ඒ ආදරේ……

සන්තානයේ සීමා බීඳී
මා නැවතීලා ඒ ආදරේ….

 

Download the Official Audio from Here!!

banner

Leave a Reply