in #GoHomeGota2022, Samanalee Fonseka

ආදරේ අවිය | Adare Awiya by Samanalee Fonseka [2022]

පණ ගැගෙන හදවතයි
ආදරෙයි අරගෙන
එකම පවුරක
එක මිටට වරෙල්ලා
පණ අදින මේ දෙරණ
වල දමා පස් දමන
අලුගෝසුවන්ගෙන්
උදුරාන පණ දෙන්න
එකාමෙන් පෙරට වරෙල්ලා

නොකා හාමතේ ඉන්නා අපට
කොකා ගස්සන
රජවරුන්ගේ පපුවට
ආදරේ බරම අවියෙන්
වෙඩි තියන්නට වරෙල්ලා
එකා පිට එකා මැරුණත්
මහා ජන ගඟක් වී
වීදි මං මාවත් පුරා
දෝරෙ යන්නට වරෙල්ලා

අපේ ලේ කදුළු නෑවුන
නිධානය කඩා උදුරා
කකා මන්දිර වල නටන
සාදයට තිත තියන්නට
මාරුතය වී වරෙල්ලා
ආදරේ බරම අවියෙන්
මාලිගාවේ උන්ගෙ ⁣⁣හිසට
වෙඩි තියන්නට වරෙල්ලා

banner

Leave a Reply