in Lavan Abhishek, Sangeethe Teledrama

ආදරේ නාමයෙන් | Adare Namayen by Lavan Abhishek [2021]

ආදරේ නාමයෙන්
ඉවසමී හැම වේදනා
එකම හයියයි නොවැටුනේ
ඔබට ඇති ආදරේ නිසා
කදුලකින් හිත පාරා
රිදුනේ නැත කිසිදා
ඔබ දිහා බල බලා
දිනමි ලොව මම සදා

නුහුරුවට නැත පිරිමි හිත මැද
සිහින ඇත පිරිලා
පෙමක හුරු වුනු
හදක අසිරිය ලොවම
නැත දැකලා
ඔබ මගේ අද හුස්ම පොද ටික
නැතිව අද මැරිලා
තුරුලු කරගෙන ඇස් පියාගමි
සතුට එය සැමදා

කදුලු බර නැත
හිතට පුරුදුයි
දුකම ඇත විදලා
යකඩ කන්දක් දෙකට නොනැමී
සුලග දුර දැකලා
ජවය ලය ඇත
දිරිය මට ඇත
ජය ගමී සැමදා
සමන් සුවදයි කපා හැලුවත්
හැඩුවේ නැත කිසිදා

ආදරේ නාමයෙන්
ඉවසමී හැම වේදනා
එකම හයියයි නොවැටුනේ
ඔබට ඇති ආදරේ නිසා
කදුලකින් හිත පාරා
රිදුනේ නැත කිසිදා
ඔබ දිහා බල බලා
දිනමි ලොව මම සදා

banner

Leave a Reply