in Chithral Somapala

ඇහැරෙන්න | Aharenna by Chithral Somapala

ඇහැරෙන්න
ඇහැරෙන්න ඉතින් දැන්වත්

ඉඩදෙන්න සොඳුරු සිහිනෙන්
ඇහැරෙන්න
මහ වැස්සක ගිණිගත්ත
ඒ ප්‍රේමවන්ත සිහිනෙන්
ඇහැරෙන්න

දැමුණු සුහික්මුණූ
පිළිවෙත් සුරැකුණු
මගේම විජිතයේහී
මා කිරුළ දරා සිටියා
ආදරය ඇවිත් සිහිනෙන්
ඒ කිරුළ සොරාගත්තා

ඇහැරෙන්න
මහ වැස්සක ගිණිගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න

දැමුණු සුහික්මුණූ පිළිවෙත් සුරැකුණු

මගේම විජිතයේහී
මා වෙස්වලා සිටියා
ආදරය…. අකැප… හින්දා..
ඇහැරෙන්න

ඇහැරෙන්න කලින් සිහිනෙන්
මට කියාදෙන්න රහසින්
ඇහැරෙන්න

කොයි සිහිනෙන්ද කියා
මා ඇහැර පලායන්නේ
මේ මොරසූරන වැස්සේ
ඇහැරෙන්න

සිහින ගිණි ගන්නා
මේ මොර සූරන වැස්සේ
මා ඇහැර පලා යන්නෙ කොහේදැයි
මට කවුද කියාදෙන්නේ
කවුද කියාදෙන්නේ

ඇහැරෙන්න

මහවැස්සක ගිණිගත්ත
ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න
මහවැස්සක ගිණිගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න

banner

Leave a Reply