පැතුවාට මේ සසරේ නුඹ මට හිමිවෙන්නේ නෑ
හිතුවට නුඹ ළඟ නැතිව මට දුර යන්න බෑ
අහුලන්න පුළුවන්ද තව කඳුළු ඇස් දෙකට
උහුලන්න බැරි තැන්වලත් හිටියා අපි එකට
අපි අයිති නෑ කියලා දැනගෙනම ලංවුණාට
දවසක හඬයි කියලා මම කිව්වා මතකයිද
හාදුවක් ඉල්ලලා රණ්ඩු වුණු ඒ දවස්
ආයෙමත් එන්නේ නැති හැඩයි
වෙන්වෙන වෙලාවටම මේ හැටි උණුසුමක්
හිතට දැනෙන එක වේදනයි
පැතුවාට මේ සසරේ නුඹ මට හිමිවෙන්නේ නෑ
හිතුවට නුඹ ළඟ නැතිව මට දුර යන්න බෑ
තරු ගැනලා නිම වෙන්නේ නැති බව දැන දැනත්
අහසටම පෙම් කරපු එකනම් මගේ පවක්
අත අල්ලා නවතන්න මට ඔබේ බැරිවුනත්
මුළු හිතම නුඹේ වෙච්ච දවසක් තමයි අදත්
ලං වෙන්න ලං වෙන්න හීන හරි දුරයි
ආදරේ කියන්නේ නොලැබෙන දේම හිත පතුලේ සැඟවෙන එකයි
දවසක සැනසෙන්නේ නුඹ ළඟ තමයි
ආදර කතාවල අවසානය ම දුකයි
Leave a Reply