in Gunadasa Kapuge

අයියණ්ඩියේ | Aiyyandiye by Gunadasa Kapuge

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුණා කැණි මඬලට අප නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මම අමතකද නුඹ රජ වූ අද දවසේ

අම්මා එක්ක දබරව පැන ගිය ඇන්නේ
ළැම දා ගියා බත හිර වුණි කුස ගින්නේ
දෑසේ කදුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ

විළට සැපක්දෝ නියඟය දළු ලෑම
සඳට සැපක් දෝ ගණදුර පෑදීම
නුඹට සැපක් දෝ අප තනි කර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම

banner

Leave a Reply