in Funky Dirts, Murshad Huvais, Sinhala Rap

ආකාශ වස්තුව | Akasha wasthuwa by Funky Dirt [2020]

මාගෙ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව
ඔහ් මාගේ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව

ඔයයි මගේ වල්ගා තරුව
මා අහසේ පෑයූ එලිය
ආදරේටනේ ඔච්චමක් නේ කලේ
පිටසාක්වල රෝස කැකුල

අහස් මාළිගා අපි තනපු කාලේ කෝ මා කෙල්ලෙ
ටිකක් රෑ වුනාම දොර වහලා මොකද මාළිගාවේ

අහස් මාළිගා අපි තනපු කාලේ කෝ මා කෙල්ලෙ
ටිකක් රෑ වුනාම දොර වහලා මොකද මාළිගාවේ

මාගේ නීල දූම කේතුව
තරහ ගියාම උල්කාපාතය
ඔහ් මාගේ නීල දූම කේතුව
තරහ ගියාම උල්කාපාතය

ඔයා බනිද්දී කනට මිහිරී
රවද්දී හුරුබුහුටී
ටිකයිනේ සැර කලේ ඇයි මවෙත විසිකලේ
පාවෙන පීරිසිය

මාස් පඩියකින් අපි දහස් ගනන් හීන මැව්වේ
පාන් ගෙඩියකින් කැන්ඩ්ල් ලයිට් ඩිනර් සිරිය මැවුනේ

මාස් පඩියකින් අපි දහස් ගනන් හීන මැව්වේ
පාන් ගෙඩියකින් කැන්ඩ්ල් ලයිට් ඩිනර් සිරිය මැවුනේ

ඉස්සර සිහිකර සැර කතා කියන්නේ
මම වෙනස් වෙලාලූ නේ අයියෝ නාහෙන් අඩන්නේ
දුක සැප දෙක බෙදන් රකිමු සතුට කැදැල්ලේ
කෙල්ලේ මොනා වුනත් ගහන්නේ බැදගත්ත බෙරේ නේ

මාගෙ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව
ඔහ් මාගේ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව

මාගේ මෝඩ ස්වාමි පුරුෂය
ගොන් ජෝක් හින්දා කෝපය
ඇගේ මාලූ නැටෙව්වේ – මාව අල්ලේ නැටෙව්වේ
මගෙ අත ගත්ත බබා තොත්ත…

written by Murshad Huvais

banner

Leave a Reply