in Chathuranga Kasthuriarachchi

අල්තිනායි | Althinai by Chathuranga Kasthuriarachchi [2019]

පාට පාටින් හැඩ නොදා
කටු පෑන් සලකුණු තබා
තින්ත බොදවුනු පොතේ
හරි වැරදි ගැරහුම් රැසේ
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…

ගස් දෙකක් නොව මහ ගොඩක්
අතර හිරවුනු කිරිලියක්
අහඹුවක් ලෙස මුනගැසී
මමයි හෙලුවේ මුලාවේ…..

අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…

ගිම්හානයේ කටු පදුරතේ
පිපුනු කටු මල් අතොරතේ
මලක පෙති වනසන්නෙමී
පිපුනු නිසලව එක්පෙතී..
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…

banner

Leave a Reply