in Chandrasena Thalangama

අම්මා | Amma by Chandrasena Hettiarachchi

අම්මා ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ

අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන් තෙරේ

සඳවතුරින් නොව රුහිරෙන්ම දියකොට
අමිල වු සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිලිහී වියැලුණු පුතු ලොව
මවුණි ඔබේ කිරි දියෙන් තෙමණු මැන

අම්මා ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ

කඳූලින් ඉපදී කඳුලෙන්ම මියැදෙන
රණමඬලේ මිණි පහනක් වනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුළට ගෙන නිබඳ සරනු මැන

අම්මා ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ

banner

Leave a Reply