in Rookantha Gunathilaka

අනන්තයක් වී | Ananthayak Wee by Rookantha Gunathilaka

අනන්තයක් වී ඔබේ ආදරේ
ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කළ සරාග සුවඳ විජිතයේ

නීල නිලන නිම්නයේ
සුමුදු සයනයේ
නෙතු පියන් වැසී වැසී වැසී
ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ

ඔබේ ආදරේ… ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කර සරාග සුවඳ ජිවිතේ

කැකුළු පිසින සිරිපොදේ
පිපුණු සීතලේ
දෙතොල් පෙති ලිහී ලිහී ලිහී
මධුවිතක්ද මේ තරම් මධුර වූ

ඔබේ ආදරේ… ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කර සරාග සුවඳ ජිවිතේ

banner

Leave a Reply